චීන එක්සිම් බැංකුව සමග
ඇති කරගත් එකඟතා හෙළි කරන තෙක්
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම
පැරිස් සමාජය ප්‍රමාද කරයි…!
චීන එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකා රජය පැමිණි එකගතා හෙළි නොකිරීම හේතුවෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී පැරිස් සාමූහිකය සමග අත්සන් කළ යුතු ගිවිසුම තවත් කල් ගොස් තිබෙන බව සන්ඩේ මෝර්නිං පුවත්පත වාර්තා කරයි.
පැරිස් සමූහය සමග, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල ගිවිසුම, ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර අත්සන් තැබීමට නියමිතව තිබුණි.
චීන එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකා රජය ඇති කරගෙන තිබෙන එකගතා නිරීක්ෂණය කරන තෙක්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල සිය යෝජනා ප්‍රමාද කරන බව, පැරිස් සමූහය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
චීන එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුමේ ඇති රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට අදාල එක් වගන්තියක් හේතුවෙන්, ගිවිසුම පැරිස් සමූහය සමග බෙදා ගැනීමේ නොහැකියාවෙන් ශ්‍රී ලංකා රජය පීඩා විදියි.
චීන එක්සිම් බැංකුව සමග ඇති කරගත් ගිවිසුම පැරිස් සමූහයට හෙළි දරව් කිරීම සදහා ශ්‍රී ලංකා රජය අවසර ඉල්ලා ඇතත්, මෙතෙක් එක්සිම් බැංකුව ඒ සදහා ප්‍රතිචාර දක්වා නැත.