චීන නෞකාවේ ලංකාගමනය
ඇමරිකාවටත් ප්‍රශ්නයක්..!
එක්සත් ජනපද නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සහ අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී, ඔක්තෝබරයේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීමට නියමිත චීන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇති අතර, නෞකාවේ ලංකාගමනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කණස්සල්ල ඇය එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙන බව පැවසේ.
ලෝක බලවතුන් අතර ඇති බල අරගලයේ දී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් නොගන්නා බව අමාත්‍යවරයා එහිදී වික්ටෝරියා නූලන්ඩ් මහත්මියට පවසා තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුහුදු සීමාවට හෝ ගුවන් සීමාට ඇතුළු වන යාත්‍රා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නව නීති මාලාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා, වික්ටෝරියා නූලන්ඩ් මහත්මියට පවසා තිබේ.
එමෙන්ම, ලෝකයේ අනෙකුත් රටවල් සමග ඇති ගනුදෙනුවේ දී චීනය බැහැර කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජනපද නියෝජ්‍ය ලේකම්වරියට පවසා තිබේ.
පර්යේෂණ නෞකාවක් ලෙස චීනය විසින් හදුන්වන ෂී යැන් 06, ඔක්තෝබර් 26 වන දා මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට නියමිත ය.
නෞකාව මෙරට මුහුදු සීමාව තුළ රැදී සිටින කාලය තුළ, නාරා ආයතනයේ නියෝජිතයන් ද අදාල නැවට ගොඩ වීමට නියමිත අතර, චීන පර්යේෂකයන්ගේ පර්යේෂණ කටයුතු සදහා ඔවුන්ගේ සහාය ලබා දීමටද නියමිත ය.
කෙසේ වෙතත්, ෂී යෑන්ග් 06 නෞකාවේ ලංකාගමනය සම්බන්ධයෙන් මීට පෙර, ඉන්දියාවද සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබුණි.