චීන මුදල් අමාත්‍යවරයාගෙන් ජනපති රනිල්ට දුරකථන ඇමතුමක්…!

0
736

චීන මුදල් අමාත්‍යවරයාගෙන්
ජනපති රනිල්ට දුරකථන ඇමතුමක්…!


ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන විදේශීය ණය හිමියන් සහ ශ්‍රී ලාංකීය නියෝජිතයන් අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ වොෂින්ටනයේ දී පවත්වා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මහබැංකු අධිපති නන්දාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන අය විසින් මෙහෙයවා ඇති අතර ලසාර්ඩ් සහ කිල්ෆර්ඩ් චේස් ඔවුන්ට සහාය වී තිබේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා වන ලියූ කුන් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමට බීජනයේ කැමැත්ත චීන මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =