චීන යුද නැවක් හම්බන්තොට
බලා ගමන් අරඹයි.
වරායට සේන්දු වීම අගෝස්තු 11 වන දා.
ඉන්දියාව දැඩි කණස්සල්ලෙන්.
Yuan Wang 5 නමැති චීන යුද නැව හම්බන්තොට වරාය බලා පිටිත් වීමට ගමන් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැව හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මාසයේ 11 වන දා ය.
අදාල නෞකාව ලංකාවට පැමිණීම පිළිබදව ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන අතර, ඒ සම්බන්ධයෙන් ලංකා රජයට සිය විරෝධය පළ කර තිබෙන බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය චීන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ, චීනය, නාවික ගමනාගමනය සදහා තමන්ට ඇති නීත්‍යනුකූල අයිතිය භුක්ති විදීමට පසුබට නොවන බවයි.
එමෙන්ම, චීනයේ නාවික කටයුතු පිළිබදව උනන්දුවන පාර්ශ්වයන්, ඒ පිළිබදව නිවැරදි තොරතුරු වාර්තා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පවසා ඇති චීන විදේශ කටයුතු අමාත්‍යංශය, නීත්‍යනුකූල සමුද්‍රීය කි‍්‍රයාකාරකම්වල නිරතවීමට චීනයට ඇති අයිතියට කිසිදු පාර්ශ්වයකන් බාධා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පවසා තිබේ.
පසුගිය වසරේ ඉන්දු-චීන දේශසීමාවල ඇති වූ ගැටුම්වලින් ඉන්දීය හමුදා භට පිරිස් මෙන්ම චීන හමුදා පිරිස් ද ඝාතනයට ලක් විය. ඉන් පසුව දෙරට අතර සබදතා පළුදු වී තිබේ.
අගෝස්තු එකොළොස්වනදා හම්බන්තොට වරාය වෙත සේන්දු වීමට නියමිත නෞකාව, චන්ද්‍රිකා-රොකට් සහ අන්තර්මහාද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් පිළිබදව සොයා බැලීම සදහා භාවිතා කරන අති නවීන යුධ නෞකාවක් බව විදේශ බුද්ධි සේවා වාර්තා කරයි.