චෝදනාව; ආගමන විගමන පනත උල්ලංඝණය කිරීම.
ඩයනා අත්අඩංගුවට
ගන්නවාද නැද්ද ?
තීන්දුව අප්‍රේල් 24.
ආගමන විගමන පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න පිළිබද තීන්දුව අප්‍රේල් 24 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවේදනය කරයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය අනුව රාජ්‍ය ඇමතිනියක වන ඩයනා ගමගේ අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත්ව තිබුණු පෙත්සමක් අද දිනයේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අතර, එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මේ බව දැනුම් දී තිබේ.
ඩයනා ගමගගේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දූරයක් දැරීම සදහා ඈ නුසුදුස්සියක වී ඇති බව පවසමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. එහි තීන්දුව ජූනි මස හයවනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක බැවින්, ආගමන විගමන පනතට අනුව, ඇයට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවසර නැති බව ඇයට එරෙහිව අධිකරණය හමුවට ගොස් සිටින ඕෂල හේරත් පවසයි.