ඡන්දය ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම ජූනි 27 විභාගයට…!

0
73

ඡන්දය ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම
ජූනි 27 විභාගයට…!


පලාත් පාලන මැතිවරණයට අදාලව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබෙන පෙත්සම ජූනි මාසයේ 27 වන දා විභාගයට ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඒ අදාල පෙත්සම අද දිනයේ කැදවූ අවස්ථාවේ දී ය.

පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් රටේ පොදු මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් අදාල පෙත්සම ගොනු කර තිබුණි.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉහත නියෝගය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =