ඡන්දය කල්දමන්න උවමනා වී; ඇමති සියඹලාපිටිය රටේ ආර්ථිකය ගැන අතේ පැලවෙන බොරු කියයි.

0
112

ඡන්දය කල්දමන්න උවමනා වී;
ඇමති සියඹලාපිටිය
රටේ ආර්ථිකය ගැන
අතේ පැලවෙන
බොරු කියයි.

ආර්ථිකය අර්බුදය මධ්‍යයේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මුදල් සොයා ගැනීමේ අභියෝගයකට මහා භාණ්ඩාගරය මුහුණ දී ඇති බවට මහා භාණ්ඩාගාරයේ ලේකම් පසුගිය ජනවාරි මාසයේ 18 වන දා දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ මත පිහිටමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රටේ ආර්ථික තත්ත්වය පිළිබදව නිවැරදි නොවන කරුණු මාධ්‍ය හමුවේ පවසා ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් 2023 ජනවාරි මාසයේ 21 වන දා ඩේලි එෆ්.ටී පුවත්පත සමග පහත සදහන් ප්‍රකාශය සිදුකර තිබේ.

“2022 වසරේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය 256% කි. නැතිනම් රුපියල් බිලියන 3058 ක් තරම් ඉහළ අගයකි.
2023 වසරේ දී රුපියල් ට්‍රිලියන 3.45 ක ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි. 2023 වසරේ අපේක්ෂිත රජයේ වියදම රුපියල් ට්‍රිලියන 10 කි. අපේක්ෂිත ආදායම සහ වියදම අතර පරතරය රුපියල් ට්‍රිලියන 6.66 කි. එබැවින් ආර්ථිකය පවත්වාගෙන යාම සදහා දැඩි මූල්‍ය විනයක් අවශ්‍යව තිබේ.”

මුදල් අමාත්‍යංශය විසින් 2023 වසර සදහා සකස්කරන ලද අයවැය වාර්තාව විමසා බැලීමෙන් පසුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය තුළ අසත්‍ය කරුණු අඩංග-ු බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට 2023 වසර සදහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් ට්‍රිලියන 10 ක් හෙවත් රුපියල් බිලියන 10,000 ක් නොවේ; රුපියල් බිලියන 5,854 කි.

එම කරුණට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි 2022 වසරේ දී රජයේ ආදායම සහ වියදම අතර පරතරයට වඩා 2023 වසෙර් රජයේ ආදායම හා වියදම අතර පරතරය දෙගුණයකටත් වඩා වැඩියි.

ඔහු පවසන ආකාරයට 2022 වසරේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 3058 ක් වන අතර 2023 වසරේ දී රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 6662 කි.

නමුත් සත්‍ය තත්ත්වය වන්නේ 2022 වසරේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2347 ක් වන අතර 2023 වසරේ දී එය රුපියල් බිලියන 2405 කි.

මේ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය රටේ ඇත්ත ආර්ථික අර්බුදය දැවැන්ත ලෙස වැඩි කර පෙන්වීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =