“ඡන්දය කල්දාපු කුමන්ත්‍රණය”
“ඡන්දය කල්දාපු කුමන්ත්‍රණය” යන්න මේ ඉරිදා මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි.
ඡන්දය වැලැක්වීම සදහා කුමන්ත්‍රණ රැසක් දියත්ව තිබුණු අතර ඉන් එක් ප්‍රධාන කුමන්ත්‍රණයක් වූවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නැවත දැනුම් දෙන තුරු ඡන්දය සදහා ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරු වෙත නිකුත් කළ නියෝගයයි.
මෙම නියෝගය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලබා දී ඇත්තේ වැරදීමකින් බවත් එබදු තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් නොගත් බවත් ඒ පිළිබදව විපක්ෂ මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
මව්බිම පුවත්පත තොරතුරු දැන ගැනීමේ පනතද උපයෝගී කර ගනිමින් සිදු කරන ලද ගවේශනයේ දී, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබා දී ඇති අදාල නියෝගය සහිත කැබිනට් පත්‍රිකාව ලබගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් මව්බිම පුවත්පත පළ කර තිබෙන වාර්තාව අපි පහත දක්වමු.
