ඡන්දය තාමත් අවිනිශ්චිතයි…? කොමිසමේ සාමාජිකයන් සිව් දෙනා ඡන්දය ගැන මත හතරක….! ඊයේත් ජනාධිපති මැතිවරණ කොමිසම හමු වෙයි.

0
157

ඡන්දය තාමත් අවිනිශ්චිතයි…?
කොමිසමේ සාමාජිකයන් සිව් දෙනා
ඡන්දය ගැන මත හතරක….!
ඊයේත් ජනාධිපති මැතිවරණ කොමිසම හමු වෙයි.

ඊයේ සවස මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් සිදුව ඇති බව අද ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති එම හමුවට සහභාගී වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව් දෙනා මත හතරක සිටින බව පැවසේ.

මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් සිව් දෙනා එක් මතයකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇති බවත් ඊයේ සන්ධ්‍යාවේ පැවති එම සාකච්ඡාව කිසිදු එකගතාවයකින් තොරව අවසන්ව ඇති බවත් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම පුවත දිවයින පුවත්පතද වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ වාර්තාව අපි පහත උපුටා දක්වමු.


එක මතයකට එන්න, ජනපති මැතිවරණ කොමිසමට කියයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය  පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනා අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන,නීතිපති සංජය රාජරත්නම්,අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ,මැතිවරණ  කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ හතර දෙනෙක් ද සහභාගී වූහ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත හතරක්  දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.

මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී ජනාධිපතිවරයා කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දී දුන්නේය .නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීති සහයෝගය ලබාදෙනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එහිදී අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසූයේ මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබද යම් නීති ගැටලුවක් ඇතොත් සෘජුවම තමාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයක් නොදැරීම නිසා අදාළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 6 =