‘ඡන්දය නියමිත ලෙස පවත්වන්න…!’ පොහොට්ටු පක්ෂයත් නිල වශයෙන්ම ඉල්ලීමට සූදානම්…!

0
165

ඡන්දය නියමිත ලෙස පවත්වන්න…!
පොහොට්ටු පක්ෂයත් නිල වශයෙන්ම
ඉල්ලීමට සූදානම්…!


පලාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන්නැයි විපක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනාව සමග නිල වශයෙන්ම සම්බන්ධ වීමට පොහොට්ටු පක්ෂය සිය එකගතාවය පළකර තිබෙන බව දේශය පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.

පසුගිය දා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබදව කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී ඡන්දය නියමිත පරිදි පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කළ යුත-ුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ. එම අවස්ථාවේ දී තමන් ඇතුළු පොහොට්ටු පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ද ඒ සදහා සහාය ලබා දීමට සූදානම් යැයි පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා තිබේ.

අදාල යෝජනාව කෙටුම්පත් කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇති පොහොට්ටු පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, පොහොට්ටු පක්ෂයේ සංශෝධන ද ඊට එකතු කර, පසුව දෙපාර්ශ්වයේ ම එකගතාවයෙන් යුතු ඒකාබද්ධ යෝජනාවක් ලෙස මැතිවරණය නියමිත දිනට පවත්වන ලෙස කරන ඉල්ලීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − one =