‘ඡන්දය පැවැත්විය යුතුයි…!’
මහින්ද රාජපක්ෂ.
පලාත් පාලන මැතිවරණය කල් නොදැමිය යුතු බවත් සැලසුම් කර තිබෙන ආකාරයට නියමිත දිනයේ දී ඡන්දය පැවැත්විය යුතු බවටත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.
ඡන්දය කල් දැමීමේ රජයේ කුමන්ත්‍රණය පිළිබදව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී ඔහු මේ බව පවසා තිබේ.
ඡන්දය යනු නියමිත මොහොතේ තැබිය යුතු දෙයක් මිස කල්දැමිය යුතු දෙයක් නොවන බවද ඔහු පවසා තිබේ.
අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී පලාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිවවිපක්ෂයේ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් දැක්වීය.