‘ඡන්දෙකට වියදම් කලොත් ගොඩගත් ආර්ථිකය වතුරේ…!’ මුදල් අමාත්‍යංශ ප්‍රකාශයෙකු එසේ පවසා ඇති බවට මාධ්‍ය රැසක වාර්තා වේ.

0
96

‘ඡන්දෙකට වියදම් කලොත්
ගොඩගත් ආර්ථිකය වතුරේ…!’
මුදල් අමාත්‍යංශ ප්‍රකාශයෙකු එසේ පවසා ඇති බවට
මාධ්‍ය රැසක වාර්තා වේ.


මේ මොහොතේ ඡන්දයක් සදහා වියදම් දැරීමට සිදුවහොත් ගොඩගත් ආර්ථිකය යළි වතුරට වැටෙනු ඇති බවට මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසූ බවට වන ප්‍රවෘත්තිය ප්‍රධාන මාධ්‍ය කිහිපයකම සදහන්ව තිබේ.

මෙම පුවත ඊයේ දිනයේ ලංකාදීප වෙබ් අඩවියේ වාර්තා වී තිබුනු අතර පසුව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ලංකාදීප පුවත්පතේ ද එය ඒ ආකාරයෙන් පලකර තිබේ.

එමෙන්ම ඩේලි මිරර් වෙබ් අඩවියද අදාල ප්‍රවෘත්තිය පළකර තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රකාශයක සිදුකරන ලද්දේ මුදල් අමාත්‍යංශයේ කවර නිළධාරියා විසින්ද යන්න කිසිදු වාර්තාවක සදහන් වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =