රට ජාතිය වෙනුවෙන් ඉල්ලා අස්කරගත් ඇමරිකානු පුරවැසිභාවය ගෝඨා යළිත් ඉල්ලයි…!

0
812

රට ජාතිය වෙනුවෙන් ඉල්ලා අස්කරගත්
ඇමරිකානු පුරවැසිභාවය
ගෝඨා යළිත් ඉල්ලයි…!


2019 ජනාධිපතිවරණය අභිමුවේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කරගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ඇමරිකානු පුරවැසිභාවය සදහා ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සිය නීතීඥයන් මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා අදාල ඉල්ලීම පිළිබදව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සලකා බලා නැති බව පුවත්පත වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා පසුගියදා සිය පවුලේ සමීප ඥාතීන් සමග ඩුබායි බලා ගොස් තිබුනේ ඔහුට ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකි වී ඇති බැවිනි.

ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කර ගත් පුද්ගලයෙකුට නැවත පුරවැසි භාවය ලබා දීමේ දී ඒ සදහා දීර්ඝ කාලයක් සහ වැඩි වියදමක් දැරීමට සිදුවන බව පැවසේ.

එසේම එය දුෂ්කර ක්‍රියාවලියක් බවද පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 19 =