ඡන්දෙට මුදල් ඉල්ලා යොමු කළ ලිපිය දැන් තිබෙන්නේ ජනාධිපති ළග..!

0
265

ඡන්දෙට මුදල් ඉල්ලා යොමු කළ ලිපිය
දැන් තිබෙන්නේ ජනාධිපති ළග..!


පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කළ ලිපිය, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිට භාර දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මැතිවරණය සදහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම හෝ නොකිරීමට අදාල තීන්දුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිත ය.

පසුගිය අයවැයෙන් පළාත් පාලන මැතිවරණය සදහා වෙන් කළ මුදල් මැතිවරණ කොමිසම වෙත මුදා හරින ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් නියෝගයක් තිබේ.

මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය මේ වන විට අප්‍රේල් විසිපස්වනදා දක්වා කල් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =