‘ඡන්දෙට මුදල් දෙන්න කියන්න..!’
මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශයක් ගොනුකර තිබෙන බව වාර්තා වේ.
පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා යොදාගනු ලබන වාහන සහ විදුලි ජනන යන්ත්‍ර සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස ලබා දෙන ලෙස ජනවාරි නම වන දා ඉල්ලා සිටියද ඒ සදහා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යහපත් ප්‍රතිචාරයක් නොදැක් වූ බවද අදාල දිවුරුම් ප්‍රකාශයේ සදහන් වන බව පැවසේ.
ඒ අනුව පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් ලබා දෙන ලෙස, මුදල් අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කරන ලෙස මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.