‘ඡන්දෙට මුදල් දෙන පාටක් නෑ..!
නැවත අධිකරණය හමුවට යනවා හැර
වෙනත් විකල්පයක් නෑ..!’
මැතිවරණ කොමිසමේ සභාපති.
අයවැයෙන් පලාත් පාලන මැතිවරණය සදහා වෙන්කර තිබෙන මුදල් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නියෝගයට අනුව, මුදල් අමාත්‍යංශය විසින් එම මුදල් නිසි ලෙස මුදාහරිනු ඇතැයි සිතිය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.
ඒ අනුව, මැතිවරණය සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා නැවත වතාවක් අධිකරණය ඉදිරියට යාම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු පවසයි.
නමුත් එය කළ යුත්තේ, මැතිවරණයට අදාල මුදල් ලබා ගැනීම සදහා මීට පෙර අධිකරණය හමුවට ගිය සමගි ජන බලවේගය විසින්ම බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබේ. එහිදී මැතිවරණ පැවැත්වීමේ බලධරයා වශයෙන් සිය පාර්ශ්වයෙන් අධිකරණට කළ යුතු කරුණු දැක්වීම කිරීමට තමන් සූදානම් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් ලබා දීම මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා වී ඇති බැවින් ඒ පිළිබදව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිස අද හෝ හෙට රැස්වන බව පැවසේ.