‘ඡන්දෙට මුදල් හොයා ගැනීම දුෂ්කරයි…!’
භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්.
රජයේ මුදල් ප්‍රවාහ කළමණාකරනය අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුම මත පලාත් පාලන මැතිවරනය සදහා මුදල් සොයා ගැනීම අතිශයනිම් දුෂ්කර කාර්යයක් වී ඇති බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවීම්, පොහොර සහ ඖෂධ සදහා කළ යුතු ගෙවීම් ආදී වශයෙන් වන රාජ්‍ය වියදම් ගණන් බැලූ විට ඒ සදහා දැරිය රජය දැරිය යුතු මාසික වියදම රුපියල් බිලියන 145 කි.
මීට අමතරව රජය විසින් මාසිකව තවත් විශාල වියදම් ප්‍රමාණයක් දැරිය යුතුව තිබේ.
එම වියදම් අතර පොලී ගෙවීම්, ණය ආපසු ගෙවීම් සහ ප්‍රාග්ධන වියදම් තිබේ.
මෙකී සියලු වියදම් පියවා ගත යුතුව තිබුණත් රජයේ සමස්ත මාසික ආදායම රුපියල් බිලියන 163 ක සීමාවේ පවතී. එබැවින් අවශ්‍ය වියදම් පියවා ගැනීම තවත් රුපියල් බිලියන 296 ක් පමණ අවශ්‍යව තිබේ.
මේ තත්ත්වය මත රාජ්‍ය මුදල් කළමණාකරය අතිශයින්ම දුෂ්කර වී ඇති බවයි භාණ්ඩාගාර ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.