‘ඡන්දෙට වියදන් කලොත්
මහකන්නයේ වී ටික මිලදී ගන්නවත්
සල්ලි නැතිවෙයි.’
මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා.
පලාත් පාලන මැතිවරණය සදහා දැවැන්ත මුදලක් වියදම් කිරීමට සිදුවුවහොත් එළැඹෙන මහ කන්නයේ දී ගොවියන්ගෙන් වී මිලදී ගැනීමටවත් මුදලක් ඉතිරි නොවනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇතැයි ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.
එසේ වුවහොත් සහල් වෙළද පොළ කඩා වැටෙනු ඇතැයිද ඔහු අනතුරු හගවා තිබේ.
යල කන්නයෝ හොද අස්වැන්න ලැබුණු බැවින් මහකන්නයේ දී ඊටත් වඩා හොද අස්වැන්නක් ලැබෙනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
එවැනි තත්ත්වයක් තුළ සාධාරණ මිලක් ගෙවා ගොවියන්ගෙන් වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් සහල් වෙළදපොල කඩා වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා පවසා තිබේ.