ඡන්දේ ගැන කතා කරන්න
මැතිවරණ කොමිසම
අගමැතිගෙන් දිනයක් ඉල්ලයි…!
අප්‍රේල් විසිපස්වන දා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බව තහවුරු වී ඇති බැවින්, මැතිවරණය පැවැත්විය හැකි දිනයක් පිළිබදව හමු වී කතා බහ කර ගැනීම සදහා මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍යවරයාගෙන් දිනයක් ඉල්ලා තිබේ.
අදාල ඉල්ලීම මැතිවරණ කොමිසමෙන් මේ වන විටත් ලැබී ඇති බව පවසා තිබෙන අග්‍රාමාත්‍ය කාර්යාලය, හමුවීම සදඑහා ඉක්මන් දිනයක් මැතිවරණ කොමිසමට ලබා දීමට කටයුතු කරන බවද පවසා තිබේ.
මැයි නමවන දාට පැවැත්වීමට නියමිතව තිබුණු මැතිවරණය අප්‍රේල් විසිපස්වනදා දක්වා කල් දැමූ අතර දැන් නැවත එය වෙනත් දිනයකට කල් දැමීමට සිදුව තිබේ.
ඒ සම්බන්ධයෙන් කතා කර ගැනීම සදහා මැතිවරණ කොමිසම පසුගිය සතියේ පක්ෂ ලේකම්වරු හමු වූ අතර පක්ෂ ලේකම්වරු පවසා ඇත්තේ, අප්‍රේල් විසිපහ මැතිවරණය පැවැත්වීමට අදාලව අධිකරණ කටයුත්තක් ඇති බැවින් මැතිවරණය තවත් ඉදිරියට කල් දැමීමට එකගවිය නොහැකි බවයි.
මේ අතර මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් මුදා නොහරින තත්ත්වයක් උදා වී ඇති බැවින් අධිකරණය හමුවේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පැෆරල් සංවිධානය සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ.