ඡන්ද පත්‍රිකා මුද්රණය කරන නිසා නොවේ;
සජබ විරෝධතාවය නිසා,
රජයේ මුද්රණාලයේ ආරක්ෂාවට
හමුදාව සහ පොලිසියේ සියයකට වැඩි පිරිසක් යොදවයි…!
රජයේ මුද්රණාලයේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ දිනයේ දී හමුදාව කැදවා ඇති බව වාර්තා වේ.
ඡන්දය නැවැත්වීම සදහා දියත් කර තිබෙන කුමන්ත්‍රණයට එරෙහිව සමගි ජන බලවේගය ඊයේ කොළඹ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණු අතර ඊට සමගාමීම රජයේ මුද්රණාලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ හමුදාව සහ පොලිසිය කැදවා තිබේ.
පොලිසීයේ ඉල්ලීම මත රජයේ මුද්රණාලයේ ආරක්ෂාව සදහා සියයකට වැඩි පිරිසකගෙන් යුත් හමුදා බල ඇණියක් පැමිණ තිබේ.
ඊට අමතරව බොරැල්ල පොලිසියට සම්බන්ධ පොලිස් බල ඇණියක්ද මුද්රණාලයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබේ.
පලාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා මුද්රණය කිරීම සදහා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මීට පෙර රජයේ මුද්රණාලාධිපතිනියට ඉල්ලා තිබුණු අතර අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දීමට එම අවස්ථාවේ පොලිසිය කටයුතු කර නොතිබුණි.