‘ජනකගේ කාර්යාලයේ
රාජ්‍ය විරෝධී ලේඛන නෑ…!’
පොලිසිය අධිකරණයට කියයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කොල්ලුපිටියේ පිහිටි කාර්යාලයට පසුගිය පෙබරවාරි 15 වන දා කොල්ලුපිටිය පොලිසිය සීල් තබා තිබුණි. අධිකරණ නියෝගයක් මත පොලිසිය ඔහුගේ කාර්යාලයට සීල් තබන අවස්ථාවේ මහජනඋපයෝගීතා කොමිසමේ සභාපතිවරයා දිවයිනෙන් බැහැරව සිටියේ ය.
කාර්යාලයට සීල් තැබූ පොලිසිය එහි තිබුණු ලේඛණ රැසක් සිය භාරයට ගෙන තිබුණු අතර එම ලේඛන අතර නීතිවිරෝධී හෝ රාජ්‍ය විරෝධී කිසිදු ලේඛනයක් නැති බව තහවුරු වූවේ යැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දිනයේ දී දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් විමර්ෂණ සිදු කරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.