ජනක රත්නායක හරි..!
පැට‍්‍රල් මිල රුපියල් 150 කින් අඩු කළ හැකියි.
ෆැක්ට් චෙක් තහවුරු කරයි.
පසුගිය ජූලි මාසයේ 17 වන දා ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් විස්සකින් පහත හෙළුවේ ය.
එම අවස්ථාවේ දී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, පෙට‍්‍රල් මිල රුපියල් විස්සකින් නොව, රුපියල් 150 කින් අඩු කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලා ඇති ෆැක්ට් චෙක් ආයතනය [https://factcheck.lk/], ජනක රත්නායක මහතා ප‍්‍රකාශ කර තිබෙන අදහස නිවැරදි බව තහවුරු කරයි.
ඉන්ධන මිල සූත‍්‍රයට අනුව, ජූලි මාසයේ 17 වනදා වන විට ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල විය යුත්තේ රුපියල් 320 ක් බව ෆැක්ට් චෙක් ආයතනය පවසයි.
නමුත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ජූලි 17 වන දා වන විට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කර තිබෙන්නේ රුපියල් 470 ක මිලකටයි. ඒ අනුව, පෙට‍්‍රල් ලීටයක් එම අවස්ථාවේ අලෙවි කරන මිලට වඩා රුපියල් 150 ක් අඩු මිලකට අලෙවි කළ හැකි යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කළ ප‍්‍රකාශය නිවැරදි බව ෆැක්ට් චෙක් පවසයි.