‘ජනගහනයෙන් ලක්ෂ පනස් හතකට උදව් අවශ්‍යයි..!’ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි.

0
84

ජනගහනයෙන්
ලක්ෂ පනස් හතකට
උදව් අවශ්‍යයි..!
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි.

මෙරට ජනගහනයෙන් ලක්ෂ පනස් හතකට හෙවත් ජනගහනයෙන් 26% කට ජීවත් වීම සදහා උදව් අවශ්‍යව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි.
අදාල පිරිස් වෙත අවශ්‍ය ආධාර ලබා නොදෙන්නේ නම් මේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවටද ඔවුන් අනතුරු හගවයි.

ආර්ථික අර්බුදය ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම බලපා ඇති අතර, ඊට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි අර්බුදය දැඩිව බලපා තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ පාසල් ගමන අඩාල වී ඇති අතර බොහෝ පුරවැසියන් ඔවුන් ලබා ගන්නා කෑම වේල් ප්‍රමාණය සීමා කර හෝ අඩු පෝෂණයක් සහිත ආහාර ලබා ගැනීම කෙරෙහි යොමු වී ඇති බව පැවසේ.

පළාත් නමයේ දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි කරන ලද සමීක්ෂණයකට අනුව රතුකුරුස සංවිධානය ඉහත තත්ත්වය අනාවරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 5 =