‘ජනගහනය මිලියන 22 යි. ඉන් මිලියන 6.2 ක් ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දෙයි.’ ආහාර හා කෘෂිකර්ම සංවිධානය.

0
128

‘ජනගහනය මිලියන 22 යි.
ඉන් මිලියන 6.2 ක් ආහාර අනාරක්ෂිතතාවයකට
මුහුණ දෙයි.’
ආහාර හා කෘෂිකර්ම සංවිධානය.


උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ජනගහනයෙන් මිලියන 6.2 ක ප්‍රමාණයක් උග්‍ර හෝ මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දෙන බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. .

වෙනස් ආකාරයකට කියන්නේ නම් ලංකාවේ සෑම පවුල් දහයකින් ම හයක් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙයි.

මෙම වසරේ ජූනි සිට දෙසැම්බර් දක්වා වූ කාලයට අදාලව එම සංවිධානය විසින් සකසන ලද වාර්තාවක මේ බව සදහන් වේ ය.

ජනගහනයෙන් 40% ක් කෘෂිකර්මාන්තය මත යැපුනද පවතින ආර්ථික අර්බුදය ජාතික ආහාර පද්ධතිය කඩාකප්පල් කරමින් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරමින් සිටින බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

වී ගොවිතැන සදහා වූ පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී 100% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =