ජනගහනය මිලියන 22 යි. දුරකථන සංඛ්‍යාව මිලියන 31 යි. පුද්ගලයන් සියයකට දුරකථන 142 ක්.
මිලියන 22 කට ආසන්න ජනගහනයක් සිටින රටේ, පුරවැසියන්, මිලියන 31 ද ඉක්ම වූ දුරකථන ප්‍රමාණයක් භාවිතා කරන බව වාර්තා වේ.
පසුගිය දා නිකුත් කළ මහබැංකු වාර්තාවෙන් මේ බව හෙළි වන බව ද අයිලන්ඩ් පුවත්පත පවසයි.
දළ වශයෙන් ගතහොත්, පුද්ගලයන් සිය දෙනෙකුට දුරකථන 142 ක ප්‍රමාණයක් තිබෙන බව මින් කියැවේ.
මිලියන 22 ක ජනගහනයෙන් ස්ථාවර දුරකථන සම්බන්ධතා ලබාගෙන ඇති ප්‍රමාණය විසිහය ලක්ෂ පනස් එක් දහසකි.
අන්තර්ජාලය භාවිතා කිරීම සියයට අනූ හතයි දශම හතකි.
ඩිජිටල් තත්ත්ව දර්ශකයට [ Digital Quality Life index ] අනුව, රටවල් 117 කින් ලංකාව 89 වන ස්ථානයේ පසු වෙයි.