‘ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග අපේ ඇයි හොදැයියක් නෑ..!බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා.’ සජිත් ප්‍රේමදාස.

0
72

‘ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග
අපේ ඇයි හොදැයියක් නෑ..!
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා.’
සජිත් ප්‍රේමදාස.


ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග තමන්ට ඇයි හොදැයියක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින්, වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගයේ එකතු වීමක් කිසිසේත්ම සිද්ද නොවන බව පවසන විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ඔහුගේ මුහුනු පොත තු-ළ සටහන් කර තිබේ.

අප පහත උපුටා දක්වන්නේ ඒ නිවේදනයයි.

ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග අපේ ඇයිහොදැයිකම් නෑ. ඒ නිසා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලයි.

දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගතකළා සේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා.

සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා සත්‍යය යටපත් කරමින්, බොරුව ඉස්මතු කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට සඳහන් ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටින බවත්, ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බවත්, එබැවින් මෙවැනි බොරු සහ ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + nine =