ජනපතිගෙන් නාමල්ට ටොක්කක්..!
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන GSMB Technical Services (Pvt) Ltd හී ප්‍රධාන විධායක තනත-ුර සදහා පුද්ගලයෙකු පත් කිරීමට පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැදිහත් වී ඇති බව ඊයේ දිනයේ දී වාර්තා විය.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පරිසර අමාත්‍යංශය යටතේ පවතින අතර අදාල තනතුර සදහා නිර්දේශ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් විෂය භාර අමාත්‍යවරයා වෙත සිය පාර්ලිමේන්තු ලිපි ශීර්ශය යටතේ යොමු කර තිබුණි.
පරිසර අමාත්‍යවරයා වන නසීඩ් අහමඩ් නාමල්ගේ නිර්දේශය පිළිගනිමින් අදාල පත් කිරීම සිදුකර ඇති බවද වාර්තා විය.
මේ සිදුවීම වාර්තාවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සදහා අධ්‍යක්ෂකවරු සහ සභාපතිවරු පත් කිරීමේ දී ඒ සදහා පූර්ව අනුමැතිය ලබා ගත යුතු කමිටුවක් ඊයේ දිනයේ දී පත් කළේ ය.
ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර තිබෙන්නේ ඉතහ සදහන් කළ නාමල්ගේ මැදිහත් වීම ආරංචිවීමෙන් පසුව යි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු. එම කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් දමින්ද කුලරත්න මහතා කටයුතු කරනු ඇත.