‘ජනපතිගේ දැක්ම ගැන ලෝක බැංකුවටත් පුදුමයි..!’ සාගල රත්නායක කියයි.

0
588

‘ජනපතිගේ දැක්ම ගැන
ලෝක බැංකුවටත් පුදුමයි..!’
සාගල රත්නායක කියයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකාරී ප්‍රතිපත්තිය සහ දැක්ම පිළිබදව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සදහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ Faris Hadad-Zervos මහතා මවිතයට පත් වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

රට පිළිබදව ජනාධිපතිවරයාගේ දැක්ම තුළ ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති නිර්දේශයන් ඉක්මවා යන ක්‍රියාමාර්ග ඇතුළත්ව ඇති බව ද සාගල රත්නායක මහතා පවසා තිබේ.

ඊයේ දිනයේ දී රාජ්‍ය නිළධාරීන් සහ ලෝක බැංකු නියෝජිතයන් අතර පැවති හමුවකදී සාගල රත්නායක මහතා මේ අදහස් පල කර තිබේ.

මෙම හමුව පැවැත් වී ඇත්තේ ඉදිරි අයවැය සකස් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද මෙම හමුව සදහා සහභාගී වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + nineteen =