ජනපතිගේ නියෝගය
ඡන්දයට දාපු තවත් බාල්දියක්…!
අළුත් බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තවදුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති අතර ඒ අනුව රාජ්‍ය ආයතන සදහා ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් වැළකිය යුතු බවටත් නියෝග කර තිබේ.
එම නියෝගය කඩකරන ඕනෑම නිළධාරියෙක් අදාල වියදම් සදහා පෞද්ගලිකව වගකිව යුතු බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම නියෝගය මැතිවරණ කොමිසමේ අත් පා බැද දැමීමක් බව, මැතිවරණ කොමිසමට සම්බන්ධ නිළධාරියෙකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මැතිවරණයක් පැවැත්වෙන කාලයේ දී මැතිවරණ කොමිසම දරනු ලබන වියදම් බොහෝමයක් ඉදිරියේ දී පියවීමේ පොරොන්දුව මත ණය පදනමකින් දරනු ලබන වියදම් ය.
ආහාර, යාන වාහන පමණක් නොව; මැතිවරණය රාජකාරී සදහා සම්බන්ධකරගන්නා රජයේ සේවකයන් සදහා දීමනා ගෙවීම ද ඉදිරිකාලයේ දී ගෙවනු ලබන බවට පොරොන්දුව මත ලබා ගනී.