ජනපතිගේ නිව්යෝර්ක් සංචාරයට
මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන,
දොළවත්ත සහ වඩිවේල් සුරේෂ් එක්ව සිටිති.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ, පොහොට්ටු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුද පැමිණ සිටින බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක් සංචාරය සමග එක්වන මැති ඇමතිවරු පිළිබදව කිසිදු නිල නිවේදනයක සදහන් නොවූ ව ද, ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක් සංචාරයට අදාලව සමාජ මාධ්‍යයේ පළ වී තිබෙන ඡායාරූප කිහිපයක, පොහොට්ටු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් වන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ ප්‍රේමනාත් සී දොලවත්ත මෙන්ම, සජබ මන්ත්‍රී වඩිවේල් සුරේශ් ද සිටින බව දක්නට ලැබේ.