ජනපති අද රාත්‍රියේ
චීනය බලා පිටත්ව යයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ අරමුණ, ජාත්‍යන්තර සහයෝගීතාවය සදහා වන, එක් මාවතක් -එක් තීරයක් වැඩ සටහනනේ, තෙවන ජාත්‍යන්තර සමුළුව සදහා සහභාගී වීම යි.
මෙම සමුළුව ඔක්තෝබර් 16 වන දා ආරම්භ වීමට නියමිත අතර, එය දින හතරක් පුරා පැවැත්වේ.
ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
ඒ අනුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇත.