ජනපති මාරු වුනත්
අගමැති මාරු වුනත්
විෂය භාර අමාත්‍යවරයා මාරු වුනත්
සභාපති මාරු වුනත්
ලංකාවට ගෑස් සපයන්නේ එකම පුද්ගලයෙක්…!
චරිත හේරත්.
ගෑස් මිලදී ගැනීම සදහා ලෝක බැංකුව ලබා දුන් මුදලින් රුපියල් කෝටි 130 ක වංචාවක් සිදුව ඇති බව වාර්තා විය.
කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතාද ඒ බව තහවුරු කර තිබුණු අතර එම ප්‍රවෘත්තිය රට තුළ කිසියම් ආන්දෝලනයක් ඇති කළේ ය.
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා සමග සතිඅග අරුණ පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සම්මුඛ සාකච්ඡාවේ දී ගෑස් ගනුදෙනු සිදුවන ආකාරය පිළිබදව තවත් කරුණු රැසක් ඔහු විසින් හෙළි කර තිබේ.
අප පහත උපුටා දක්වන්නේ චරිත හේරත් එම සම්මුඛ සාකච්ඡාවේ දී දක්වා ඇති අදහස් ය.
ගෑස් මිලදී ගැනීමට ල ෝක බැංකුවෙන් දුන්
මුදල්වලින් එක්තරා පිරිසක් රුපියල් කෝටි 130ක
මුදලක් හොරකම් කළ බවට ඔබ කරන චෝදනාවට
සාක්ෂි තිබෙනවාද?
මම මහනුවරදී කළ ප්‍රකාශය මාධ්‍යයේ
ගත්ත විදිහ වැරැදියි. මම හොරකම් කළා
කියන වචනය පැහැදිලි කළෙත් නැහැ.
අඩු මුදලකට ගෑස් ගැනීමට තිබියිදී වැඩි
මුදලකට ගෑස් ගැනීමක් ගැන තමයි මම
හෙළි කළේ. අඩුවට ගත්තනම් හා වැඩියට
ගැනීමයි අතර වෙනස රුපියල් කෝටි 130ක්
වෙනවා. මම කියන්නේ අඩු මුදලකට ගන්න
තිබූ ගෑස් වැඩි මුදලකට ගැනීමෙන් පාඩුවක්
වුණා කියලා.
ගෑස් ආනයනය කිරීමේදිත් මාෆියාවක් තියෙනවාද?
2022 පෙබරවාරි මාසයේ සිට ගෑස්
ටෙන්ඩරය අලුත් කරන්න තිබුණා. නමුත්
ප්‍රශ්න නිසා එය හරියට කරන්න බැරි වුණා.
මාර්තු- අප්‍රේල්- මැයි- මාසවලදි අපට ගෑස්
මිලදී ගන්න වුණේ පරණ කොන්ත්‍රාත්කරු
ගෙන්මයි. නීත්‍යනුකූල ප්‍රශ්නයක් එතැන
නැහැ. ජුනි මාසයේ සිට ගෑස් මිලදී ගැනීමට
සැලසුම් කළේ ක්ෂණික මිලදී ගැනීම්
යටතේයි. මෙහිදී තමයි මෙම පාඩුව වුණේ.
ගෑස් සැපයීම සඳහා එක් සමාගමක් මෙට්‍රික්
ටොන් එකක් ඩොලර් අනූහයකට ලබා දිය
හැකි බවට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණා.
අනෙක් සමාගමේ මිල ඩොලර් එකසිය විසි
නවයක්. දීර්ඝ කාලීන ටෙන්ඩර් ගිවිසුමෙන්
තිබුණේ මෙම මිල ගණන්. නමුත් ක්ෂණික
මිලදී ගැනීමේදී සංකීර්ණ ප්‍රශ්න ගණනාවක්
මතු වුණා. මෙම ටෙන්ඩරයේ හුවමාරු වූ
ලිපි ලේඛන දෙස බැලීමේදී අනාවරණ
වූයේ ඩොලර් එකසිය විසි නවයේ ලංසුකරු
වෙත වැඩි ඇල්මක් තිබූ බවයි. මෙම කරුණු
කෝප් කමිටුවේදිත් හෙළි වුණා.
ගෑස් ගැනීමේදී වන අකටයුතුකම් පිටුපස කවුද
ඉන්නේර?
එහාට මෙහාට චෝදනා කරමින්
කෑ ගහලා වැඩක නැහැ. මේ කාලය
තුළ ආණ්ඩු හතරක් මාරු වෙලා
තියෙනවා. ලිට්රෝ ගෑස් සමාගමේ
සභාපතිවරු හතරදෙනෙක් මාරු වෙලා
ඉන්නවා. අගමැතිවරු තුන් දෙනෙක් හා
ජනාධිපතිවරු දෙදෙනෙක් මාරු වෙලා
තිබෙනවා. මෙය සංකීර්ණ වසර දෙක
හමාරක්. ඇමරිකානු ඩොලර් මිලියන
අනූවකට තමයි මෙම ක්ෂණික ගෑස් මිලදී
ගැනීම කළේ. මාස හතරක කාලයක් සඳහා.
කවුද මෙම වංචාව කළේර?
මම පුද්ගලය ෝ ගැන දන්නේ නැහැ.
කෝප් කමිටුව නිර්දේශ කළා නව ටෙන්ඩරයක්
ඉදිරි වසර සඳහා ක්‍රියාත්මක කරන ලෙස. ඊට
මොකද වෙලා තියෙන්නේ?
ක්ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩරය
සහ දීර්ඝ කාලීන ටෙන්ඩරයද අලුතෙන්
ක්‍රියාත්මක කරන ලෙස කෝප් කමිටුව
නිර්දේශ කළා. මම හිතන්නේ එය
ක්‍රියාත්මක වෙනවා ඇති. එම ටෙන්ඩරයවත්
නිවැරැදිව වෙයි කියලා මම බලාපොරොත්තු
වෙනවා.
දීර්ඝ කාලීන නව ටෙන්ඩරයත් ප්‍රශ්න ගත බව
වාර්තා වෙනවා.
මම ඒ ගැන දන්නේ නැහැ. නමුත්
එක දෙයක් කියන්න පුළුවන්. මේ
රටේ මිලදී ගැනීම වන ආකාරයට එක්
ගැනුම්කරුවකුගෙන් විතරක් භාණ්ඩ මිලදී
ගැනීම් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක
වෙනවා. විවිධ ප්‍රශ්නවලට මෙය බලපා
තිබෙනවා. රටේ ආණ්ඩු වෙනස් වුණත්,
ඇමැති වෙනස් වුණත් ගෑස් මිලදී ගන්නෙත්
එකම සමාගමෙන් බව මටත් තේරෙනවා.
අපේ රටට ගෑස් සැපයීම කරන්නේ එකම
පුද්ගලයකු බව මෙම කරුණුවලින් තහවුරු
වෙනවා. කවුරු වෙනස් වුණත් ප්‍රධාන
ලංසුකරුවන් සමග එකතුව තමයි මෙම
සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒ තැනට
අපි තල්ලු වෙලා ඉවරයි.
ඊට දේශපාලනඥයන්ද සම්බන්ධ නිලධාරීන්ද?
මට හරියට කියන්න බැහැ. කවුරු
කරනවාද කියා මම දන්නේ නැහැ.
ඔබ ද නියෝජනය කරන නිදහස ජනතා සභාවේ
සිටින මන්ත්‍රිවරු දහතුන් දෙනාට එය සොයන්න
පුළුවන්නේර?
දේශපාලනික වශයෙන් ඉදිරියේ දී මේ
ගැන සෙවිය යුතුයි. අපේ රට ඉදිරියට
නොයෑමේ ප්‍රධාන හේතුවක් තිබෙනවා.
ඒ තමයි දූෂණයෙන් වෙලා ගැනීම.
දූෂණය දේශපාලනඥයන් විසින් කරන
බවට බොහෝ අය චෝදනා කරනවා.
ඇතැම් අය දූෂිත ඇති. නමුත් සිස්ටම් එක
තමයි දූෂිත වෙලා තියෙන්නේ. එම නිසා
පද්ධතිගත දූෂණය සමාජයෙන් ඉවත් කළ
යුතුයි. පුද්ගලයෙක් වෙනස් කෙරුවට එම
දූෂණය නතර වෙන්නේ නැහැ. ඉතාම
කඩිනමින් දූෂණය ප්‍රතිෂ්ඨාපනය වෙනවා.
දේශපාලනඥයන්ට විතරක් ඇඟිල්ල දිගු
කරලා වැඩක් නැහැ.