ජනපති රනිල්ගෙන්
ජපානයට පැසසුම්…!
නමුත්, චීනයේ ණය ප්‍රතිපත්තිය පිළිබදව
කණස්සල්ල..!
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ජපානය ලබා දෙන සහයෝගය තමන් මහත් සේ අගය කරන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජපානයේ එන්.එච්.කේ බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාව බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, රටේ ණය අර්බුදය විසදීම සදහා ඉන්දියාව ප්‍රංශය හා ජපානය එක්ව පොදු වේදිකාවක් ගොඩ නැගූ අතර, ජපානය එහි සම සභාපතී ධූරය උසුලයි.
නිදහස් හා විවෘත ඉන්දු පැසිපික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ කාර්යයේ දී ශ්‍රී ලංකාව වැදගත් හවුල් කරුවෙකු බව ජපානය විසින් සලකනු ලබයි.
එමෙන්ම, චීනයද, ඔවුන්ගේ එක් තීරයක් එක් මාවතක් වැඩ සටහනේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සලකනු ලබවයි.
කෙසේ වෙතත්, එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ, හම්බන්තොට වරාය ඉදිකිරිමී සදහා චීනය ලබා දුන් ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ අතර, අවසානයේ දී හම්බන්තොට වරයා අනූ නම අවුරුදු බදු පදනමකින් අත්පත් කර ගැනීමට චීනය කටයුතු කළේ ය.
මෙය, චීන ණය උගුල පිළිබදව පවතින ජාත්‍යන්තර සංවාදයේ දී කරළියට ගන්නා එක් උදාහරණයකි.
ජාත්‍යන්තර ණය ප්‍රශ්න විසදීම සදහා ජපානය සතුව ඇති, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය වැනි ආයතනයක් චීනයට නොමැති වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එන්.එච්.කේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ.