ජනපති රනිල්ගේ ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වා
චීනය මුනිවත රකියි.
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉල්ලා සිටියේ ය.
නමුත් මේ දක්වා එම ඉල්ලීමට කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති චීනය ඒ සම්බන්ධයෙන් තවමත් මුනිවත රකින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
නිකී ඒෂියා මාධ්‍ය ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පසුගිය බදාදා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රතිව්‍යුහගත කර දෙන ලෙස තමන් චීනයෙන් ඉල්ලා සිටි බව පවසා සිටියේ ය. එමෙන්ම ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියළු රටවල් ඔවුන් ලබා දී තිබෙන ණය සම්බන්ධයෙන් එකම ආකාරයකට හැසිරීම අතිශයින්ම වැදගත් බවද ජනාධීපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේ දී අවධාරණය කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සෘජු ප්‍රතිචාර නොදක්කා චීනය මේ දක්වා මුනිවත රකිමින් සිටින බවයි.