ජනපති රනිල්ගේ වියදම් ගෝඨාභයටත් වඩා ඉහළයි…!
ඩෙිලි මිරර් වාර්තාව.
රට බංකොලොත් වී ඇති බැවින් පටි තර කර ගන්නැයි ආණ්ඩුව ජනතාවට බලකරමින් සිටී.
තමන්ගේ වියදම් කප්පාදු කර ගැනීමට ජනතාවට එසේ බලපෑම් එල්ල වූවද ජනාධිපති – අගමැති හෝ මැති ඇමතිවරු ඔවුන්ගේ වියදම් සත පහකින් හෝ අඩුකරගෙන නැති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂත් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ දරා තිබෙන වියදම් සහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේශ් ගුණවර්ධන වෙන්කරගෙන තිබෙන මුදල් පිළිබදව සන්සන්දනාත්මක වාර්තාවක් පුවත්පත සපයා තිබේ.
එම වාර්තාවට අනුව ජනතාවට පටිතද කර ගන්න යැයි බලකර සිටියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඔවුන්ගේ වියදම් කිසිසේත්ම කප්පාදුකරගෙන නැත.
මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් වාර්තාව පහතින්.
