ජනපති රනිල්
අයි.එම්.එෆ් එකගතා
කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරයි.
නමුත් ගිවිසුම නොපෙන්වයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය අත්සන් තබා ඇති ගිවිසුමේ අඩංගුව පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ නමුත් අදාල ගිවිසුම ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණීමට පසුගිය දා රජයට හැකි විය.
ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවක පවසා තිබුණද ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව සහභාගී වූ රූපවාහිනී වැඩසටහනක දී මහබැංකු අධිපතිවරයා පවසා තිබුණේ ගිවිසුමේ කරුණු හෙළිදරව් නොකරනු ඇති බවයි.
පසුගිය අගහරුවාදා දිනයේ දී පාර්ලිමේන්තුව රැස් වූ විට විපක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ.