ජනපති රනිල් සමඟ ඉදිරියට යනවාද..?
පොහොට්ටුව සමග නවතිනවාද…?
ඇමති ප්‍රසන්න දෙලොවක් අතර.
ආර්ථික අර්බුදය මධ්‍යයේ රට භාරගත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යනවා ද නැතිනම් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ එනම් පොහොට්ටු පක්ෂ දේශපාලනයේ තවදුරටත් නිරත වනවාද යන්න පිළිබදව ඇමති ප්‍රසන්න රණතුංග අද දිනයේ දී තීන්දුවක් ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.
විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ඡන්දය ලබා දීම අමාත්‍යවරයා විසින් මග හැර තිබුණි. ඡන්දය විමසන අවස්ථාව වන විට අමාත්‍යවරයා විදෙස් ගතව සිටියේ ය.
අමාත්‍යවරයා විදෙස්ගතව සිටිය දී අමාත්‍යවරයාගේ දේශපාලන හිත මිතුරන් විසින් අමාත්‍යවරයා ඉදිරියේ දී ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබදව රහස් මත විමසුමක් පවත්වා ඇති අතර එම මත විමසුම සදහා අමාත්‍යවරයාට හිතවත් දේශපාලන ක්‍රියාධරයන් පනස් දෙනෙකු පමණ සහභාගී වී ඇති බව පැවසේ.
එම මතවිමසුමේ ප්‍රතිඵලද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබදව අද හෝ ඉතා නුදුරු දිනයක දී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.