ජනපති රනිල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඉල්ලයි…!ජපානයෙන් යහපත් ප්‍රතිචාරයක්..!

0
465

ජනපති රනිල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
යළි ඉල්ලයි…!
ජපානයෙන් යහපත් ප්‍රතිචාරයක්..!

සිය ජපාන සංචාරය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පන ගැන්වීම සම්බන්ධයෙන් ජපාන බළධාරීන් සමග සාකච්ඡා කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත මුල්පුවතෙන් වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරය, ජපන් රජය ජනාධිපතිවරයාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

කෙසේ වෙතත්, අදාල ව්‍යාපෘතිය ජපානය ලබා දෙන ණය ආධාර යටතට ගැනෙන බැවින්, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය අවසන් වනතෙක් ව්‍යාපෘතිය බල ගැන්වීමට බලා සිටීමට සිදුවනු ඇත.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක ආයෝජනයකි.

යහපාලන රජය සමයේ අදාල ව්‍යාපෘතිය සදහා ජපානය සමග අත්සන් කළ අතර, ගෝඨාභය රාජපක්ෂ රජය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කළේ ය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැප්තැම්බර් මාසය වන විට අවසන් කළ හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජපන් සංචාරය තුළ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ ය. ඒ අනුව, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සැප්තැම්බරයෙන් පසුව යළි බලගැන්විය හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − seven =