‘ජනපති සමඟ සාකච්ඡා තේරුමක් නැති ගානයි..!’ ටී.එන්.ඒ. කියයි.

0
146

‘ජනපති සමඟ සාකච්ඡා
තේරුමක් නැති ගානයි..!’
ටී.එන්.ඒ. කියයි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව ඇදී යන බව පෙනී යන්නේ යැයි එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.

දෙමළ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේ දී ද හමු වී ඇති අතර එම හමුවේ දී මීට පෙර පැවති හමුවේ දී සාකච්ඡාවට ගත් කරුණුම ජනාධිපතිවරයා යළිත් අවධාරණය කිරීම පමණක් සිදු වූ බව මන්ත්‍රීවරයා චෝදනා කරයි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න කඩිනමින් විසදීම සදහා ගත යුතු පියවර පිළිබදව සාකච්ඡා කිරිම සදහා ජනාධිපතිවරයා සියළු දෙමළ ජාතික මහජන නියෝජිතයන් පසුගිය දෙසැම්බර් 13 වන දා හමු විය.

පෙබරවාරි හතර වන දා ට යෙදෙන 75 පස්වන නිදහස් සැමරුමට පෙර දෙමළ ජනතාව මුහුණ දී සිටින තීරණාත්මක ගැටළු සදහා විසදුම් අපේක්ෂා කරන බන ද්‍රවිජ ජාතික සන්ධානය පවසයි.

හමුදාව විසින් අත්පත්කරගෙන තිබෙන උතුරු නැගෙනහිර ඉඩම් යළි එම ඉඩම්වල උරුමකරුවන් වෙත ලබා දීම, දහත-ුන්වන සංශෝධනය බලාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් දෙමළ ජාතික මහජන නියෝජිතයන්ගෙන් ඉදිරිපත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =