“ජනපති සහ අගමැති මාව බේරා ගත්තේ නෑ..! ඒ නිසා මං ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා..!” අලි සබ්රී රහීම්.

0
133

“ජනපති සහ අගමැති
මාව බේරා ගත්තේ නෑ..!
ඒ නිසා මං ආණ්ඩුවට විරුද්ධව
ඡන්දය දුන්නා..!”
අලි සබ්රී රහීම්.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක එම දූරයෙන් නෙරපීම සදහා ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාවට, අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේ ය.

ඔහු, ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා පාර්ලිමේන්තුව ත-ුළ පැවති ඡන්ද විමසීමේ දී වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අයෙකි.

කෙසේ වෙතත්, තමන් අද ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ, රේගුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී, ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇමතූ නමුත්, ඔවුන් තමන් මුදා ගැනීම සදහා කිසිවක් නොකළ නිසා යැයි මන්ත්‍රීවරයා පැවසී ය.

හොර භාණ්ඩ රට තුළට රැගෙන ආවේ තමන් නොවන බවත්, තමන් සමග සිටි වෙනත් අයෙක-ු විසින් බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
තමන් සන්තකයෝ තිබුණු ඒ භාණ්ඩ පිළිබදව තමන් නොදැන සිටි බවද ඔහු වැඩි දුරටත් පැවසී ය.

ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව, මාධ්‍ය වේදීන් අමතා ඔහු මේ අදහස් ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − three =