ජනපති සහ පොහොට්ටු කණ්ඩායම අදත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා…! හෙටත් විසි දෙක නෑ..?

0
327

ජනපති සහ පොහොට්ටු කණ්ඩායම
අදත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා…!
හෙටත් විසි දෙක නෑ..?


හෙට සහ අනිද්දා දිනයේ දී විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තුව විවාදය පැවැත්වීමට නියමිතව තිබුනද එය හෙට දිනය තුළ සිද්ධ නොවීමේ අවදානමක් මතුව ඇතැයි සජබ මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් සහ චමින්ද විජේසිරි අද පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ප්‍රකාශ කර සිටියේ ය.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට ගෙන එන්නේදැයි තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.

අවුරුදු දෙක හමාරක් කල් පිරුණු පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන අතර එම බලය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක නොකළ යුතු බවට පොහොට්ටු පක්ෂයෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් අද දිනයේ දී ද පාර්ලිමේන්තුව තුළ පැවතී ඇතැයි තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා හෙළිකර සිටියේ ය.

එම හමුව සදහා අධිකරණ අමාත්‍යවරයා සහභාගී වී නැති බවද ඔහු පැවසී ය.

තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයාට පසුව සභාව ඇමතූ පියල් නිශාන්ත අමාත්‍යවරයාද හෙට දිනයේ විසිදෙවන සංශෝධනය ගෙන එන බව ස්ථිරව ප්‍රකාශ නොකළ අතර ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබදව කතා කරනවාට වඩා අද ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය හා සම්බන්ධ නීති සංශෝධනය පිළිබදව කතා කිරීම වඩාත් වැදගත් බවයි.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාද හෙට දිනයේ දී විසි දෙවන සංශෝධනය නොගෙනෙනු ඇතැයි සැක පළ කළේ ය. සභා ගැබේ සිටි ආණ්ඩු පක්ෂයේ කිසිවකු එම සැකය දුරු කිරීමට ඉදිරිපත් වූවේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =