ජනපති සහ බැසිල්
පැයකට හමු වෙති.
අයවැයෙන් ජනතාවට සහන දෙන්න.
නමුත්, අයි.එම්.එෆ් ප්‍රතිසංස්කරණවලට
ඉන් බාධාවක් නොවන්න වග බලා ගන්න.
බැසිල්, ජනපතිට උපදෙස් දෙයි.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ දිනයේ දී හමුවක් සිදුව ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර යි.
මෙහිදී, එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, දැනෙන සහන රැසක් ජනතාවට ලබා දීම පිළිබදව ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන අතර, බැසිල ්රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාගේ එම යෝජනාව පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, අයවැයෙන් ජනතාවට සහන ලබා දීම, කිසිසේත්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හා පරස්පරතා මත-ු නොවන ආකාරයට කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට උපදෙස් දී තිබේ.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා, රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ රැකියා අස්ථාවර නොවීමට වග බලා ගන්නා ලෙසද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී පොහොට්ටු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම්වල වත්මන් තත්ත්වය පිළිබදව ද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන බව වාර්තා වේ.