ජනපති හදිසියේ කැදවූ ආන්දෝලනාත්මක සාකච්ඡාව
අනුර-සජිත්-සුමන්තිරන් ඇතුලු
විපක්ෂය වර්ජනය කරයි.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පෙර ඒ පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැදවා තිබුණු හදිසි සාකච්ඡාව ජවිපෙ සජබෙ ටීඑන්ඒ ඇතුළු විපක්ෂය විසින් වර්ජනය කර තිබෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා හදිසියේ කැදවා තිබුණු මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඊයේ දැඩි උණුසුම් වාද විවාද ඇති විය.
ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුව (බිස්නස් කොමිටි) රැස්වීමට නියමිතව තිබුණු අතර ජනාධිපතිවරයා සමග සාකච්ඡාව එම කමිටු රැස්වීමට පෙර යොදා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණි.
නමුත් විපක්ෂය යෝජනා කලේ මුලින් බිස්නස් කමිටුව රැස්විය යුතු බවයි.
ඉන් පසුව අවශ්‍යනම් ජනාධිපතිවරයා කැදවා තිබෙන රැස්වීමට සහභාගී විය හැකි බව ඔවුන් පවසා සිටියේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතාද එම ස්ථාවරයේ දැඩිව සිටියේ ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා කැදවා තිබුණු සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන සහ රාවුෆ් හකීම් යන අය පමණක් විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වී තිබුණු බව වාර්තා වේ.