ජනවාරි ජූලි අපනයන ආදායම 11.8% කින් ඉහළට.
මේ වසරේ මුල් මාස හත තුළ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම පසුගිය වසරට සාපේක්ෂව 11.8% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වසරේ මුල් මාස හත ත-ුළ උපයා ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7604.12 කි.
ඇගළුම් අපනයනයෙන් මේ වසරේ මුල් මාස හත තුළ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3517.44 කි.
පසුගිය වසරේ මුල් මාස හත තුළ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී එය 20.01% කින් ඉහළ ගොස් තිබේ.