ජනවාරි-පෙබරවාරි සංචාරකයෝ 210,184 ක් පැමිණෙති. ඩොලර් මිලියන 330 ක් උපයයි.

0
184

ජනවාරි-පෙබරවාරි
සංචාරකයෝ 210,184 ක් පැමිණෙති.
ඩොලර් මිලියන 330 ක් උපයයි.

වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 331. 7 ක් බව වාර්තා වේ.

එය පසුගිය වසරේ අදාල කාල සීමාව හා සසදා බැලීමේ දී 3.3% ක වර්ධනයකි.

මේ වසරේදී සංචාරකයන් ලක්ෂ පහළොවකට වඩා වැඩි පිරිසක් ගෙන්වා ගැනීමටත් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.88 ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යංශය පවසයි.

ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් 210,184 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
වැඩිම සංචාරකයන් පිරිස ඇත්තේ රුසියාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 8 =