ජනාධිපතිගේ ගිනිතැබූ නිවස යළි ඉදිකිරීමේ ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 3648 ක්.

0
328

ජනාධිපතිගේ ගිනිතැබූ නිවස
යළි ඉදිකිරීමේ ඇස්තමේන්තුව
රුපියල් ලක්ෂ 3648 ක්.

ජූලි මාසයේ උච්ඡ අවස්ථාවකට පැමිණ තිබුණු මහජන අරගලය මධ්‍යයේ ගිනි තබා විනාශ කරන ලද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස යළි ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් ලක්ෂ 3648 ක මුදලක් වැයවන බව ඇස්තමේන්තුගත කර තිබේ.

මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි.

ඇස්තමේන්තුව සකස් කර තිබෙන්නේ නිවස ඉදිකිරීම සදහා පමණි.

ගින්නෙන් විනාශ වූ මෝටර් රථ හෝ ව්‍යායම මධ්‍යස්ථානය හෝ දුර්ලභ චිත්‍ර ඇස්තමේන්තුවට ඇතුළත් කර නැත.

ජනාධිපතිවරයාගේ විනාශ වූ නිවස ඔහු අධ්‍යාපනය ලැබූ රෝයල් විද්‍යාලයට පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 10 =