“ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීම වැරදියි. සරත් වීරසේකර. “21 න් තෙල් ලැබෙනවා ද..? විමලවීර දිසානායක.

0
69

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ බව හිටපු අමාත්‍ය සරත්වීරසේකර මහතා පවසා තිබේ.

තමන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද විරුද්ධ වූ බව පවසා ඇති හිටපු අමාත්‍යවරයා ඒ සදහා බලපෑ තර්කය මතම පදනම් වී 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද තමන් විරුද්ධ බව පවසයි.

විශේෂයෙන්, සර්ව ජන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට තමන් විරුද්ධ බව ඔහු පවසා තිබේ.

මේ අතර තමන් ද විසි එක්වන සංශෝධනයට විරුද්ධ බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක ද පවසා තිබේ.

මේ මොහොතේ තාවකාලික ආණ්ඩුවක් ස්ථාපිත කළේ, රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ අරමුණ ඇති බව පවසා ඇති විමලවීර දිසානායක මහතා, 21 වන සංශෝධනයෙන් ඒ සදහා උදව්වක් ලැබෙන්නේනම්, එම සංශෝධන පනත් කෙටුම්පත් තෙල් පෝලිම්වල සිටින ජනතාවට බෙදන ලෙසද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =