“ජනාධිපතිතුමනි, ඔබතුමා සදහන් කළ, එෆ්.බී.අයි, ස්කොට්ලන්ඩ් යාර්ඩ්, ඉන්දියානු, චීන සහ පාකිස්ථාන වාර්තා අපටත් ලබා දෙන්න…!” කතෝලික රදගුරු සමුළුව ඉල්ලයි.

0
288

“ජනාධිපතිතුමනි,
ඔබතුමා සදහන් කළ,
එෆ්.බී.අයි, ස්කොට්ලන්ඩ් යාර්ඩ්,
ඉන්දියානු, චීන සහ පාකිස්ථාන
වාර්තා අපටත් ලබා දෙන්න…!”
කතෝලික රදගුරු සමුළුව ඉල්ලයි.

සිය ජර්මානු සංචාරය අතරතුර දී, එරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් හා එක්වෙමින්, පාස්කු ප්‍රහාරය පිළිබදව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාල ලිපියේ පිටපතක්, රදගුරු සමුළුව මාධ්‍ය වෙතද නිකුත් කර තිබෙන අතර, අපි එම ලිපිය පහත පළ කරමු.

මෙම ලිපියෙන්, කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් රදගුරු සමුළුවේ මතය ඔවුන් පැහැදිලි කර තිබෙන අතර, ඊට අමතරව, ජනාධිපතිවරයා එකී සම්මුඛ සාකච්ඡාවේ දී පළ කළ අදහසක් සම්බන්ධයෙන් විශේෂ අවධානයද යොමුකර තිබේ.

අදාල සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, එෆ්.බී.අයි සහ ස්කොට්ලන්ඩ්යාර්ඩ් යන ආයතන මෙන්න, චීන, පාකිස්ථාන සහ ඉන්දියානු පරීක්ෂණ කණ්ඩායම් විසින්ද රජයට වාර්තාවන් ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයා සදහන් කරන එකී ආයතන, ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ලබා දී තිබෙන වාර්තා වේනම්, එම වාර්තාවන්ද, රදගුරු සමුළුවට ලබා දීමට කටයුතු කරන ලෙස , රදගුඳාරු සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =