‘ජනාධිපතිතුමනි; වසන්ත මුදලිගේ ඇතුළු පිරිස සටන් කළේ රටේම ජනතාව වෙනුවෙන්..!’ ආදිවාසී නායකතුමා කියයි.

0
376

‘ජනාධිපතිතුමනි; වසන්ත මුදලිගේ
ඇතුළු පිරිස සටන් කළේ
රටේම ජනතාව වෙනුවෙන්..!’
ආදිවාසී නායකතුමා කියයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස සටන් කළේ පෞද්ගලිකව කිසිවක් දිනා ගැනීමේ අරමුණකින් නොවන බවත් ඔවුන් සටන් කළේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බවත් ආදිවාසී නායකතුමා පවසයි.

රැදවුම් නියෝග යටතේ ඔවුන් දීර්ඝ කාලයක් රදවා ගැනීමේ අරමුණ ශාරීරික වද හිංසනයට එහා ගිය මානසික වද වේදනාවන්ට ඔවුන් පැමිණවීම යැයි තමන් සිතන බවද ආදීවාසී නායකයා පවසයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූවේ අරගලය නිසා යැයි පවසන ආදී වාසී නායකයා ඒ බව ජනාධිපතිවරයා අමතක නොකළ යුතුව ඇතැයි ද ඉල්ලා සිටියි.

වරදක් කර ඇත්නම් ඕනෑම අයෙක-ු දඩුවමට යටත් කළ යුතු බව තමන් පිළිගන්නා බව පවසන ආදීවාසී නායකයා ඒ පිළිබදව සොයා බලා වසන්ත මුදලිගේ ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =