‘ජනාධිපතිතුමා ජනතාව නොමග යවනවා.’ මහජන උපයෝගීතාකොමිසමේ සභාපති කියයි.

0
135

‘ජනාධිපතිතුමා
ජනතාව නොමග යවනවා.’
මහජන උපයෝගීතාකොමිසමේ
සභාපති කියයි.


විදුලි බිල සම්බන්දයෙන් සහ තමන්ට අයත් මහල් නිවාස සම්බන්ධයෙන් කතා කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව නොමග යවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් ඉදිරිපත් කළේ ය.

ඒ විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදු කර තිබුණු ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.

ජනාධිපතිවරයාගේ විවේචනය තුළ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මහල් නිවාස ව්‍යාපෘති කිහිපයක අයිතිකරුවකු බවත් විදුලිබිල ඉහළ දැමීමට ඔහු විරුද්ධ වන්නේ ඔහුගේ එම ව්‍යාපාර ජාලය නිසා බවත් පැවසී ය.
තමන්ගේ ව්‍යාපාර ජාලයට ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රචාරණයට තමන් ස්තුතිය පළ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසයි.

කෙසේ වෙතත් 2023 වසරේ දී විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් කොමිසමෙන් ඉල්ලීම් කර නැති බව ජනක රත්නායක මහතා පවසයි.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී විදුලි ඉල්ලුම 20% කින් ඉහළ යා හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර තිබුණද එය එසේ විය නොහැකි බව ද ජනක රත්නායක පවසයි.

ලෝක බැංකුව පවසන පරිදි ලංකාවේ ආර්ථිකය 2022 වසරේ දී 9.2% කින් හැකිලී ගිය අතර 2023 වසරේ දී එය 4.2% කින් තව දුරටත් හැකිලී යාමට නියමිත අතර ඒ අනුව විදුලි ඉල්ලුම තවත් පහළ වැටිය හැකි ය.

එළැඹෙන වසරේ ඇති වීමට නියමිත නියගයක් පිළිබදව උපකල්පනය කරමින් ඉන්ධන මගින් විදුලිය නිපදවීම මේ වසරේ පැවති ගිගාවොට් 230 ක ප්‍රමාණයේ සිට ගිගාවොට් 4600 ක් දක්වා ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය පවසා තිබේ.
මේ සම්බන්ධයෙන්ද ජනක රත්නායක මහතා දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

අනාගත නියගයක් පිළිබදව විදුලි ඉන්ජිනේරුවන්ට උපකල්පනය කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

මේ වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලය ජල විදුලිය භාවිතයෙන් ගිගාවොට් පැය 5000 ක් නිෂ්පාදය කරන තිබෙන අතර ඇති වීමට නියමිත නියගය හේතුවෙන් ලබන වසර සදහා ජල විදුලියෙන් නිපදවිය හැක්කේ ගිගවොට් පැය 4000 ක විදුලියක් බව ලංකා විදුලි බල මණ්ඩලය කර තිබෙන ප්‍රකාශයද පිළිගත නොහැකි බව ජනක රත්නායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 6 =